Thursday, August 9, 2012

ලන්ඩන් පාලම ඇත්තේ ඇමෙරිකාවේ බව දැනගතිමි.


ලන්ඩන් පාලම ඇත්තේ ඇමෙරිකාවේ බව මා දැන ගත්තේ අදය.තේම්ස් නදියට උඩින් දිවූ ලන්ඩන් පාලම 1967 දී ගලවා එය ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා හි හවාසු විල මත නැවත සවිකර ඇත්තේය.

ලන්ඩන් පාලම තේම්ස් නදියට ඉහලින්
ලන්ඩන් පාලම නිර්මානය වන්නේ 1831 දීය.ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවා ජෝන් රෙනී නම් විය.පියා විසින් ආරම්භ කළ කාර්යය නිමකළේ ජෝන් රෙනී (කනිෂ්ඨ) නම් වූ ඔහු ගේ වැඩිමහල් පුත්‍රයා විසිනි.
විසිවැනි සියවස ආරම්භයේදී ලන්ඩන් නගරය දැඩි ලෙස නාගරීකරණයට ලක්විය.නගර හරහා විශාල වාහන සංඛ්‍යාවක් ඔබ මොබ යාමට පටන් ගත්තේය.අන්තිමේදී ලන්ඩන් පාලමට මේ බර උසුලාගත නොහැකි වග බලධාරීන්ට ඒත්තු ගියේය.ඒ නිසා ලන්ඩන් පාලම වෙනුවට ඊට වඩා ශක්තිමත් සහ ප්‍රමාණයෙන් විශාල වෙනත් පාලමක් තැනීමට යෝජනා විය.
ලන්ඩන් පාලම ගලවා ඉවත් කිරීමට යෝජිත බව පළමුවරට මහජනතාවට දැනුම් දුන්නේ 1966 දීය.එය බොහෝ දෙනෙකුට වැදගත් ප්‍රවෘත්තියක් නොවීය.නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා හි පදිංචි දේපළ වෙළදාම් තැ‍රැව්කරුවෙකු වූ රොබර්ට් ප්ලමර් මේ පිළිබඳ දැඩි ලෙස උනන්දු විය.ලන්ඩන් පාලම මිළට ගෙන එය ඇරිසෝනාවේ හවාසු විලට ඉහලින් සවිකිරීමට තමා සේවය කළ සමාගමේ ප්‍රධානියා උනන්දු කළේ ඔහුය.ඔහුගේ සැලසුම මෙයාකාර විය.
"ජනාශූන්‍ය ශුෂ්ක ප්‍රදේශයක් වූ හවාසු සංචාරකයින්ගේ ආකර්ශනයට යොමු කිරීමට මෙය මහඟු අවස්ථාවකි.අපි මේ පාලම මිළට ගත යුතුය.හවාසු විල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීමටත් මෙය හවාසු විලට ඉහලින් සවි කිරීමටත් අපි ප්‍රාන්ත රජය කැමති කරවා ගත යුතුය.මේ වැඩපිළිවෙල මඟින් හවාසු වෙත නව පෙනුමක් ලබා දීමට අපිට හැකි වනු ඇත."
ප්ලමර් ගේ යෝජනාව ඇරොසෝනා ප්‍රාන්ත රජය ඒකමතිකව පිළිගන්නා ලදී.එහි ප්‍රතිඵලයක් ලෙස 1967 දී ලන්ඩනයේ ලන්ඩන් පාලම ඇමෙරිකාවේ ඇරිසෝනාවට ගියේය.

ලන්ඩන් පාලම හවාසු විල ට ඉහලින්
ජනාශූන්‍ය හවාසු විල් ප්‍රදේශය ජනාකීර්ණ නගරයක් බවට පත්විය.ඒ සියල්ලට මුල ලන්ඩනයේ ලන්ඩන් පාලම ඇමෙරිකාවේ ඇරිසෝනාවට යාමය.

ආකර්ශනීය හවාසු විල



3 comments:

  1. එතකොට මේ සිංදුව හැදෙන්නත් ආසන්නතම හේතුව ඕක වෙන්නැති.

    අපේ පොඩි එකීගේ ආසම සිංදුවක්...

    හොද පෝස්ට් එකක්, දන්නෙ නැති දෙයක් අද දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. අපේ පොඩි එකීගේ ආසම සිංදුවක්...

      -එම-

      Delete
  2. ඒකත් එහෙමද. තවත් නොදැන හිටිය කතාවක්, ස්තුතියි :)

    ReplyDelete