Monday, August 6, 2012

විඳින්න වෙන්ගිලිස්

චිත්‍රපටයක කතා පුවත අබිබවා එහි තේමාවාදනය ජනප්‍රියත්වයට පත්වීමට හැකිද? එය එසේ විය හැකිය.ඒ බව 1982 දී ග්‍රීක සංගීතඥ වෙන්ගිලිස් විසින් ඔප්පු කළේය.

චිත්‍රපටය Chariots of Fire ය.ඉන් කතා කෙරෙන්නේ 1924 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ට තරඟ වැදි බ්‍රිතාන්‍ය ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ ගොඩනැඟීම පිළිබඳවයි.  එය 1981 දී හ්‍යු හඩ්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලදී. එහි සංගීත නිර්මාණය කළ වෙන්ගිලිස්  1982 දී ඔස්කාර් සම්මානයට පාත්‍ර වන්නේ "හොඳම සංගීත අනුඛන්ඩය" වෙනුවෙනි.මේ සංගීත ඛන්ඩය පුරා වසරක් ලොව සියලු ගීත දර්ශකයන් හි පළමු තැන අරා උන්නේය. සංගීත ඛන්ඩය අඩංගු සී ඩී තැටිය විකිණීමෙන් ලද ආදායම චිත්‍රපටය විසින් ඉපැයූ මුළු ආදායමට වඩා දස ගුණයකින් ඉහල බව පැවසේ.

එදා සිට අද දක්වා මළල ක්‍රීඩා ලෝකයේ නිල ලත් තනුව ලෙස එය වැජඹේ.පළමු සංධ්වනියෙන් තිස් වසරකට පසු ගතවන අද දිනයේද එය එදා මෙන් තරුණය.

මේ සංගීත ඛන්ඩය කනින් අසා, මනසින් විඳ, හදවතේ රඳවා ගත් යුත්තකි.මේ මා සිතන හැටිය, නමුත් ඔබ එසේ සිතිය යුතු නැත.

විඳින්න !




http://www.youtube.com/watch?v=TYJzcUvS_NU





2 comments:

  1. මේ පාර ඔලිම්පික් එකෙත් මේ සංගීත ඛණ්ඩය වාදනය වෙනවා ඇහුවා. ඒත් ඒකත් එක්ක මෙච්චර ලොකු කතාවක් තියෙන බව නම් දැනගෙන උන්නේ නැහැ..... ස්තුතියි මේ ගැන කිව්වාට. මමත් ෆිල්ම්වල සංගීත ඛණ්ඩ අහන කෙනෙක් තමා :)

    ReplyDelete
  2. පුංචි කාලේ ඉඳන් මේක අහලා තිබුණත්, මෙහෙම දෙයක් දැනන් හිටියේ නෑනේ! ස්තූතියි අක්කා!

    ReplyDelete