Friday, August 3, 2012

පීටර් හිග්ස් ගේ මාහැඟි ආලය


ෆ්ලොරෙන්තිනෝ අරීසා ගේ ආලය ආලයක් ලෙසින් පිළිගන්නට ෆර්මිනා දාසා විසින් අවුරුදු පනහකුත් මාස නවයයි දින හතරක් ගතකළ බව ගබ්‍රියෙලා ගර්ෂියා මාකේස් "කොළරා කාලේ ආලේ කෘතිය" (Love in the times of Cholera) තුළින් පවසයි.එතෙක් ඒ මාහැඟි ආලය, ආලය තුළම වන බොරු වළවල් වල වැටී අතරමං වී තිබිණි. 

මේ කතාව ආලය ගැන නොවේ; භෞතික විද්‍යාවේ "දිව්‍යමය අංශූන්" සංකල්පය ගැනය.

මහාචාර්ය පීටර් හිග්ස් 

එදා 1962 දී තිස් හතර වියැති තරුණ මහාචාර්ය වරයෙකු වූ පීටර්  හිග්ස් විසින් සොයා ගැනුනු මෙම සංකල්පය බුද්ධිමතුන්ගේ ලෝකය තුළ අනුකම්පා විරහිතව ප්‍රතික්ෂේපයට පත්විය.ඒ අළලා 1963 දී ඔහු සඟරාවකට ලියූ ලිපිය නැවත ඔහු වෙතටම හරවා එවනු ලැබිණි.
එදා ඔහු කීවේ මෙවැන්නකි.
 "යම් වස්තුවකට ස්කන්ධයක් ලැබෙන්නේ එහි පරමාණු නිසාය.පරමාණුවේ සැකැස්ම තැනීමට දායක වන අංශූන් කිහිපයකි.ඉන් ඇතැම් ඒවාට ස්කන්ධයක් නැත.ප්‍රෝටෝන,නියුට්‍රෝන වලට ස්කන්ධයක් පවතී.එය එසේ වන්නේ ඇයි? පරමාණුවක ස්කන්ධයට බලපාන අනු අංශු වර්ගයක් ද ඇති බව මම සිතමි.පරමාණුවකට ස්කන්ධයක් ලැබෙන්නේ ඒ අනු අංශු නිසාය."
පීටර් හිග්ස් "බෝසෝන් අංශු" ලෙස හැඳින්වූ මෙය "දිව්‍යමය අංශූන්" ලෙස පසුව නම් කෙරිණ.එවැන්නක් නොපවතින බවත් මේ මතය විහිළුවක් බවත් පවසමින් ලෝ ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග්ස් 1969 දී මිචිගන් සරසවියේ මිතුරෙකු සමඟින් ඩොලර් සියයක ඔට්‍ටුවක් ඇල්ලුවේය.මේ අනාවරණය කිරීමත් සමඟ පීටර් හිග්ස් වෙත ගල් මිස මල් නොපැමිණියේය.නමුත් ඔහු පර්යේෂණ ක්ෂේත්‍රය තුළ කිසිදා හුදෙකලා වූයේ නැත.
1929 මැයි මස 29 දා බ්‍රිතාන්‍යයේ උපන් පීටර් හිග්ස් ලන්ඩනයේ හිදී භෞතික විද්‍යාව පිළිබඳ පළමුපෙල සාමාර්ථයක් ලැබීය.එහි ආචාර්ය මණ්ඩලයට බැඳීම ප්‍රතික්ෂේප කළ ඔහු එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු ලෙස වෘත්තිය ආරම්භ කළේය." බෝසෝන්  අංශුව පිළිබඳ මතය" ඔහුගේ පර්යේෂණ දිවියේ සුවිශේෂී කඩයිමකි.
හෙග්ස් ගේ හඬ බුද්ධිමතුන්ගේ සමාජය තුළ ප්‍රතික්ෂේප වුවද ඒ මතයට රහසිගතව සහාය දැක්වූ පිරිස බොහොමයකි.1962 සිට මේ දක්වා ඒ පිළිබඳ පර්යේෂණ කළ ස්විට්සර්ලන්ත ජාතික කණ්ඩායමක් පසුගියදා අනාවරණය කලේ පීටර් හිග්ස් ගේ මතය 99.999% ක් ම නිවැරදි බවයි.
එංගලන්තයේ විද්‍යා හා තාක්ෂණ ඇකඩමියේ ප්‍රධානී මහාචාර්ය ජෝන් වෝම්ස්ලි පසුගිය සතියේ එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.මහාචාර්ය ස්ටීවන් හෝකින්ග්ස් මිචිගන් සරසවියේ මිතුරා වෙත ඩොලර් සියයක් ඔට්‍ටු මුදල් ලෙස යැවීය.එංගලන්ත තාක්ෂණ ඇකඩමිය විසින් පීටර් හිග්ස් මීලඟ නොබෙල් ත්‍යාගය සඳහා සුදුසුකම් ලබනු ඇතැයි මත පල කළේය.
දිව්‍යමය අංශු සංකල්පය විසි එක්වැනි සියවසේ මාහැඟිම සොයා ගැනීම බවත් එය දෙවැනි වන්නේ ඩී.එන්.ඒ ව්‍යුහය පිළිබඳ වොට්සන් සහ ක්‍රීක් විසින් කළ අනාවරණයට පමණක් බවත් පැවසේ.
එනමුත් ඒ සා සොයාගැනීමක් මාහැඟි සොයාගැනීමක් බව ලොවට ඒත්තු ගන්වන්නට අවුරුදු හතළිස් නවයයි මාස තුනයි දින විසි එකක් ගතවිය.


දැන් පීටර් හිග්ස්ට වසස අසූ තුනකි.

10 comments:

  1. හිග්ස්‌ ඔබ උපදින්නට තිබුනේ මේ පුණ්‍ය භූමියේය.

    එහෙනම් අවශ්‍ය වනුයේ රන්දිව හෝ රිවිර වැනි පුවත්පතක් සමග සාකච්චාවක් පමණි [දිනමිණ රිසර්ච් බුලටිනය හරහා තරුරටා වලින් භූමිකම්පා ගැන පර්යේෂණ පත්‍රිකා පළකර රටම කම්පා කල භූ විද්‍යා මහැදුරානෝ උපකුලපති ධුරයෙන් පිදුම් ලැබූහ].

    එහෙනම් අපේ මාද්‍ය වේදීන් බෝසෝනය මොන පාටයිද කියාත් පත්තර වලට ලියනු ඇත. රූපවාහිනියේ අගමැතිතුමා හෝ [බෝසෝනයේ අගය වැඩි නම්] ජනපතිතුමා සමග බෝසෝන අහුලන්නට හිග්ස්‌ මැතිතුමාට හැකි වන්නට ඉඩ තිබුණි.

    හිග්ස්‌ අපේ නිසා බොසෝනය පවතින බව සියලු දෙනාම පිළිගන්නවාට කිසිම සැකයක් නැත. අනික් අතට බොසෝනය ප්‍රත්‍යක්ෂයෙන් බාර ගන්නට අපේ ජාතික චින්තනයට සුළු දෙයකි. අවශ්‍ය වන්නේ බොසෝනය විසින් චතුකෝටික භාවය සම්පූර්ණ කිරීම පමණි. එනම් බොසෝනය ඇති බව, බොසෝනය නැති බව, බොසෝනය ඇති බව හා නැති බව, බොසෝනය ඇත්තෙත් නැති නැත්තෙත් නැති බව වේ.

    බෝසෝන ගලවන්නට කවුරුන් හෝ හිග්ස්‌ ට සල්ලි ලබා දීමට ඉඩ තිබේ. වසර කීපයකින් හිග්ස්‌ සල්ලි වලට ගේම දුන්නා කියා ඔහුට නඩු යාමට සිදු වනු ඇත.

    "මෙන්න මේකයි ආශ්චර්ය කියන්නේ හසන්ත" ප්ලාස්ටික් වලින් සැදු බෝසොනයක් අතින් ගෙන සූරියප්පෙරුම පඬිවරයා කියනු ඇත.

    [මාතෘකාවට මෙව්වා කලාට ලේඛිකාවනි සමා වනු මැන]

    ReplyDelete
    Replies
    1. ඇයි.. නාථ දෙවියොත් කියයි.. බොසෝනය හොයාගන්නේ කොහොමද කියලා.. :)

      Delete
  2. ජෝන් නෑෂ්ගෙ කතාව වගේ.
    ඊටත් පෙර කාලයට ගියොත්, ලෝකය ගෝලාකාරයි කිව්ව පලියට වහ බොන්නට සිද්ද වුණු මිනිස්සුත් හිටියා.
    අලුත් අදහසකට හිනා වෙන්නට පෙර දෙවරක් සිතිය යුතු බව නෙවේද පැහැදිලි වෙන්නෙ.

    ReplyDelete
  3. ඔව්.හිග්ස්ගේ ඉවසා සිටීමත් බොහොම වැදගත්.ගඟක මූදක පනින්නේ නැතිව, මාධ්‍ය සාකච්ඡා තියා බනින්නේ නැතිව, වෘත්තීය අතහැර වෙන යමක යෙදෙන්නේ නැතිව සියළු කළකිරීම් වලින් බැහැරව ඔහු ප්‍රගුණ කළ උපේක්ෂාවත් වැදගත්.
    බොහෝම ස්තූතියි නලිනි ට.

    ReplyDelete
  4. තව පොඩි දෙයක්. කිසිම පදනමක් නොමැති කල්පිතයක් වූ හිග්ස්‌ ගේ බෝසොනය ඒ කාලේදී බාර ගත්තා නම් එය ඊට වඩා අවිද්‍යාත්මක ක්‍රියාවක්. හිග්ස්‌ උනත් පිලි ගනියි ඒක ඒ කාලෙම බාර ගන්න බැරිබව. මේ ක යට ගහපු තියරියක් නොවේ. කට්ටිය හොරෙන් සපෝර්ට් කල එකකුත් නොවේ. මේක සැහෙන සාධාරණ තියරියක් බව ඔක්කොම දන්නවා. ඔක්කොම උත්සහ කලේ මේකට සාධකයක් හොයා ගන්න. හුදෙක් සාධක නැති නිසයි මේක පිලි නොගත්තේ. ඒ නිසා අර "රහසිගතව සහය දුන්නු" කොටස නම් පොඩිත්තක් අවුල්.

    ඒ කාරනා මත මේ සටහනේ "ශ්‍රී ලාංකිකත්වය" ඉස්මතු වෙනවා. ගෙවත්තේ ඕසෝන් නිපදවන අපේ ජෝකර් අන්කල් ගේ හපන්කමත් "යට ගහන" අයයි, "රහසේ සහය දෙන පිට රටවලුයි" ගැන ගොසිපයා ලියා තිබ්බේ. ඔය වගේ මතවාද මේ රටේම පමණයි.

    ReplyDelete
  5. මේක දාපුදාම රීඩරේට ආවට කියෙව්වෙ අද. මොකද මෙච්චර දවසක් බෝසෝනය කියන්නෙ මොකද්ද කියල හෙව්වා :)
    ස්තුතියි ලිපියට...

    හිග්ස්ගෙ කල්පිතය සනාථවුන මොහොත කියවද්දි මට මතක්වුනේ shawshank redemption ෆිල්ම් එකෙන් ගත්තු ඔය ඉස්සරහ තියෙන මගේ බ්ලොගර් ප්‍රොෆයිල් පින්තූරය.

    ReplyDelete
    Replies
    1. Red: Let me tell you something my friend. Hope is a dangerous thing. Hope can drive a man insane.

      Andy Dufresne: Remember Red, hope is a good thing, maybe the best of things, and no good thing ever dies.

      Red: I find I'm so excited, I can barely sit still or hold a thought in my head. I think it's the excitement only a free man can feel, a free man at the start of a long journey whose conclusion is uncertain. I hope I can make it across the border. I hope to see my friend and shake his hand. I hope the Pacific is as blue as it has been in my dreams. I hope.

      මගේ ෆේවරිට්ස් ලිස්ට් එකේ No.2 ෆිල්ම් එක මචං...

      Delete
  6. චතුස්කෝටිකේ ගැන තේරුම් ගන්ඩ තරම් උඹලගෙ මොලගෙඩි ලොකු නෑ බන් ..ඒකයි බුඩුහ්වරුන්ට විතරක් ප්‍රත්යක්ෂ වෙන දෙයක් ගැන ඔහොම කින්ඩි ටෝක් දාන්නෙ

    ReplyDelete
    Replies
    1. as its creator says .... :D

      Delete