Monday, July 30, 2012

නොසලකා හැරීම පිළිබඳ අර්බූදය




පිට පිට සිවුවැනි දිනටත් (02/08/2012) ඉන්දියාවේ ප්‍රාන්ත 22 ක් තවමත් අඳුරේය.මිලියන හය සියයක ජනතාව අපහසුවෙනි.කොන්ග්‍රසය හා ලෝක් සභාව අතීරණයෙන් හා අවසිහියෙනි.මෙය ලෝකයේ "දරුණුතම විදුලි විසන්ධිය" බව ඒජන්සි වාර්තා කියයි.මීට පෙර කිසිදු අවස්ථාවක ඉන්දියාව මෙවැනි වේදනාකාරී අත්දැකීමකට මුහුණ පා නැත.

"There is no energy crisis, only a crisis of ignorance."
- R. Buckminster Fuller

"බලශක්ති අර්බූදයක්, ආහාර අර්බූදයක් හෝ පාරිසරික අර්බූදයක් කියා කිසිවක් නැත.ඇත්තේ  නොසලකා හැරීම පිළිබඳ අර්බූදයක් පමණි" මේ වචන බක්මින්ස්ටර් පුලර් ගේය.ඇමෙරිකානු ජාතික ඉංජිනේරුවෙකු වූ ඔහු ගෞරව උපාධි 48 කින් පිදුම් ලැබූවෙකි.බක්මින්ස්ටර් පුලර් මේ බව ප්‍රකාශ කලේ අදින් වසර සියයකට පෙරය.කාල මුර ක්‍රමයට විදුලිය විසන්ධි කිරීමට වසර සියයකට පෙරය.එදා ඔහු අත්විඳි නොසලකා හැරීම ඉන් වසර සියයකට පසු මහා අර්බූදයක් ලෙස අපි අත්විඳිමින් සිටින්නෙමු.
ඒ නොසැලකිල්ලට එරෙහිව ක්‍රියාත්මක වූ බක්මිස්ටර් පුලර් 1969 දී "බලශක්ති පරිභෝජනය පිළිබඳ ගෝලීය ක්‍රමවේදය" ඉදිරිපත් කළේය.
ඊට අනුව,ලොව පුරා විසිරුණු නැවත භාවිතයට ගත හැකි ඛනිජ සම්පත් සියල්ල එකම සංකීර්ණයක් ලෙස සලකා කටයුතු කිරීම සිදුවේ.මේ නිසා සම්පත් අසංතුලනයක් සිදුනොවන අතර අසීමාන්තික සම්පත් භාවිතයට හෝ සම්පත් අවභාවිතයට කරුණු නොයෙදේ.
එනමුත් ලෝකයා බක්මින්ස්ටර් පුලර් කී ලෙස කටයුතු නොකළේය.එහි ප්‍රතිඵලයක් ලෙස දරිද්‍රතාව බිහිවිය,කාලගුණික විපර්යාස ඇතිවියඅනවරත් යුධ ගැ‍ටුම් මතුවිය, ඇත්තන් සහ නැත්තන් බිහිවිය,අන්තිමේදී ලෝක වෙළඳ පොලේ ඛනිජ තෙල් මිළ විසින් ලොකයේ ආණ්ඩු වෙනස් කළේය.
                                                                                                             
දැන් අපි කාල මුර ක්‍රමයට විදුලිය විසන්ධි කරමින් සිටිමු.







4 comments:

  1. හරු නිවුසු අැලර්ට් ද මොකද්ද වගේ කියන්න ඔ්න ටික පැහැදිලිව කෙටියෙන් කියා අැතත් කවුරුවත් අසා අැත්දැයි......... අනේ මන්ද!

    ReplyDelete
  2. අලියාගේ කතාව මට පැහැදිලි නැත.කෙලින් කියන්නේ නම් මැනවි.

    ReplyDelete
  3. සමාවන්න!

    මම කිව්වෙ මේ අර්පබුධ ගැන ඉතා පැහැදිලිව කියල සහ කියමින් තියෙද්දිත් අති බහුතරයකට ගාණක් නැති වීම ගැනයි.

    ReplyDelete
  4. ගණන් නොගෙන හිටි ප්‍රශ්න සැරින් සැරේ හිස ඔසොවලා රටවල් විනාශ කරන්නෙ. අපිත් ගණන් නොගෙන හිටිය ප්‍රශ්නයක් ආයෙමත් හිස ඔසොවනවද මන්දා මේ දවස්වල.

    ReplyDelete