Monday, May 21, 2012

නෞකාව වෙත.


"ඔබේ නෞකාව තවමත් ඔබ වෙත සේන්දු නොවූවා නම්;පනින්න දියට,පීනන්න එය වෙතට.." මෙහෙම කිව්වේ ඇමෙරිකානු විකට නළු ජොනතන් වින්ටර්ස්.දියට පිණුම සහ නෞකාව අල්ලා ගැනුම අතර  අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු සාධකයක් තිබේ.ඒ මුහුදුබත් නොවී ඉදිරියට පිහිනා යාමට ඇති හැකියාවයි.
ඔබේ නෞකාව වෙතට ගොඩ වීමට ඔබ පිහිණුම හදාරා සිටිය යුතු බව ඉන් කියයි.පීනන්න නොදන්නෙකු කිසිසේත් දියට පිණිය යුතු නැත.ජීවිතයේ කිසි කලෙක පිහිණුම  නොකළ පිහිනන්නට නොදත් මට මෙය මහා වදයකි.මගේ නෞකාව මාවෙත නොපැමිණෙයි.මගේ වයස දැනටමත් තිහකි.නැව මවෙත සේන්දුවන තුරු තවත් කල් අරින්නට මට නොහැකිය.නැව අල්ලා ගැනීමට මුහුදට පිනූ මා මුහුදුබත් වන්නට ඔන්න මෙන්න තබා "ගලවා ගැනීමේ" නෞකාවක් විසින් අරමුණ කරා ‍රැගෙන යනු ඇතිය යන ධනාත්මක චින්තනයෙන්ද මා පොහොසත්ය."වාසනාව" කියා දෙයක් මාහට පිහිටා නැති බවත් මගේ මහන්සියම මිස අන් කිසිවක් කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවත් මගේ හදවත කියයි.
පිහිනීම ගොඩ සිට කළ නොහැකි රාජකාරියකි.එය හැදෑරීමට දියට පිණිය යුතුමය.එනිසා මුලින් කළ යුත්තේ දියට බැස පිහිණුම ඉගෙනීම බවත් නෞකාව සොයා යා යුත්තේ දෙවනුව බවත් මම දැන් සිතමි.එනමුදු මට දුක හිතෙන්නේ වසය අවුරුදු තිහක් වන තෙක් පීනන්නට ඉගෙන නොගෙන මා කළ අතිමහත් මෝඩකම ගැනය.

1 comment:

  1. karapu modakama oka vitharakmada............?

    ReplyDelete