Monday, May 21, 2012

ජීවිතයේ (නි)පන්දුව


කොකා කෝලා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී බ්‍රයන් ඩයිසන්ගේ තම සමාගමේ සේවකයන් අළලා තත්පර තිහක කතාවක් කියන්නට පුරුදු වී සිටියේය.මේ ඒ කතාවයි.


ජීවිතය යන ක්‍රීඩාව පන්දු පහක් ඔබ අතට දෙයි.ඔබ ඒ සියල්ල එකවර උඩ දැමිය යුතුය.පන්දු පහෙන් එකක් බිමට අතහැරීමට හැකි මුත් ඉතිරි හතර බිමට නොවැටී ‍රැක ගැනුමට ඔබට පුළුවන් විය යුතුය.මේ පන්දු පහෙන් එකක් ‍රැකියාවයි.අනෙක පවුලයි.තෙවැන්න මිතුරන්ය.සිවුවැන්න සෞඛ්‍යයයි.අවසන් පන්දුව විශ්වාසයයි.ඔබ මේ සියල්ල එකවර උඩ දැමිය යුතුය.
‍රැකියාව "රබර් බෝලයක්" බවත් බිමට අත හැරුණු විගස නැවත්ත් ඉහළට පොලා පනින බවත් ඔබට එහිදී සැනෙකින් අවබෝධවනු ඇත.නමුත් අනෙක් සියල්ල වීදුරු බෝලය.එක් වරක් අතහැරුනොත් සදාකාලිකව අහිමි වී යාහැකිය.බිඳී යා හැකිය.පළුදු විය හැකිය.
රාජකාරී වේලාව තුළ අවංකව වැඩ කර නියමිත මොහොතේදී කාර්යාලයෙන් නික්මෙන්න.ඔබේ පවුලට සහ මිතුරන්ට සාධාරණ ලෙස කාලය ලබා දෙන්න.විවේකීව සිටීම වෙනුවෙන් ඔබ කාලය ලබා ගන්න.
වටිනාකමට වටිනාකමක් ලැබෙන්නේ එය වටිනා බවට තක්සේරු කළ පසුය.



2 comments:

  1. හෙහ් හෙහ්..
    රබර් බෝලය වටා වීදුරු බෝල ටික "පරිභ්‍රමණය" වෙනවා!
    :D

    ReplyDelete