Tuesday, November 1, 2011

නැව් තලය මත සිහිනයක් නිදයි O Captain! My Captain!

O Captain! My Captain! රචනා වන්නේ ඇමෙරිකානු කිවි වෝල්ට් විට්මන් අතිනි...ඒබ්රහම් ලින්කන් නමැති නායක නැවියා ගේ ඝාතනයෙන් කවියා සැලුණු කලය.ඇමෙරිකා එක්සත් ජනපදය නමැති නෞකාවේ නායක නැවියාට පෙම් බැඳි කවියා ඔහුගේ වියෝගයෙන් මෙසේ දුකට පත්වන්නේය.
මෙය එතෙක් මෙතෙක් ලොව වඩාත්ම ජනාදරයට පත් කවි දහය අතරින් එකකි.

නායක නැවිය! මා නායක නැවිය!
බියකරු ගමන අද මෙතැකින් නිමිය.

නෞකාව සයුරේ ටුක දුක් විඳිය
අවසාන අරමුණට පය තබා ගතිය
තීර්ථය මේ අසබඩය
සීනු හඬ දෙසවනෙහි දැවටුනිය......

චණ්ඩ රළ පරුෂව නැගිණි
නොකල්හී හැපි හැපී බිඳිණි
ජයබිමට මග කියූ නෙතිනි
නෞකාව නොසෙල්ලී ඇදිනි

එනමුදු මා හදවත.හදවත.හදවත.
පෑරුනු හදවතින් රතු ලෙය වැගිරෙත
සීතලෙන් ගල්වී බියකරු  ලෙසින
නායක නැවිය ඔබ වැතිරී නිදන..

නායක නැවිය! මා නායක නැවිය!
නැගෙන්න මේ සීනු හඬ අසන්න
නැගෙන්න මේ ධජය නගන්න
නැගෙන්න මේ බියුගලය වයන්න;
මල් කිණිති කලබෙහි වෙලෙන්නේ ඔබටයි
වෙරළත උදම් රළ නැගෙන්නේ ඔබටයි
උද්දාම හඬින් ඔබ
පිබිදේ දනන් මන
වැකුනෙන් ඔබේ හඬ
සැනෙකින් ඇදේ ඔබ වෙත
                                                                                                                            
නායක නැවිය! මා දයාබර පියාණෙනි!
මේ අත්ල ඔබ හිස යට තබමි.
නැව් තලය මත සිහිනයක් නිදයි
සීතලෙන් ගල්ගැසී ඔබ වැතිරුනු.

නායක නැවිය, ඔහු පිලිතුරු නොදෙයි
පියවුනු දෙතොල පඬු පැහැ දරයි
මා අත පහස නොදැනේ ඔහුට
රිස්සක් නොමැත පියවූ වතට

නැංගුරම් ලීය නෞකාව
අරමුණ දිනිය යාත්රාව

උද්දාම රළ- කුල්මත් සීනු හඬ
එනමුදු මහදවත දුකින් මිරිකෙන හඬ..                  
අසමින් ඇවිද යමි අඳුරු නැවි තලය මත
නායක නැවිය ඔබ වැතිරී නිදන.


1 comment: