Thursday, October 13, 2011

ජීවිතයේ ‍තෝරා ගැනීම් යුගලය

සිනහව වටිනා ඔසුවකි.එබැවින් මම "බාස්කට් මවුත්" ඔබේ වෛද්‍යවරයා ලෙස ඉදිරිපත් කරමි.ඔහුගේ මුව වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම බාල්දියකි.ඉන් ගලන්නේ ජලය නොව උපහාසයයි.
ඝානා ජාතික නිර්මාණකරුවෙක් වන බාස්කට්  මවුත් හාස්‍යෝත්පාදක රංගනයේ ප්‍රවීණයෙකි.මේ ඔහු HIV මර්දන වැඩපිළිවෙල සඳහා නිර්මාණය කරන ලද ලියැවිල්ලකි.

මේ ජීවිතය තුළ ‍තෝරා ගැනීම් යුගලයකි
එක්කෝ ඔබ පිරිමියෙක් නැතිනම් කාන්තාවකි
ආරක්ෂිතයි ඔබ...කාන්තාවක් නම්
පිරිමියෙක් නම් ඔබ ‍තෝරා ගැනීම් යුගලයකි

එක්කෝ ඔබ හමුදාවක.., නැතිනම් සිවිල් වැසියෙකි
ආරක්ෂිතයි ඔබ...සිවිල් වැසියෙක් නම්
හමුදාවක නම් ඔබ ‍තෝරා ගැනීම් යුගලයකි

එක්කෝ ඔබ වැඩ බිමක නැතිනම් ඔබ රණබිමක
ආරක්ෂිතයි ඔබ...වැඩ බිමක නම්
රණබිමක නම් ඔබ ‍තෝරා ගැනීම් යුගලයකි

මරන්නට වෙයි නැත්නම් මැරෙන්නට වෙයි ඔබට
ආරක්ෂිතයි ඔබ...මරන්නට වුවහොත්
මැරෙන්නට  වුවහොත් ඔබට ‍තෝරා ගැනීම් යුගලයකි

එක්කෝ පුළුස්සන්නට නැතිනම් වැළලී යන්නට
ආරක්ෂිතයි ඔබ...පුළුස්සන්නට නියම වුවහොත්
වැළලෙනවා නම් ඔබ, ‍තෝරා ගැනීම් යුගලයකි

පොහොරක් විය යුතුව ඇත. එක්කෝ  මලට නැතිනම් ගසට...
ආරක්ෂිතයි ඔබ...මලට පොහොරක් නම්
ගසට පොහොරක් නම් ඔබ, ‍තෝරා ගැනීම් යුගලයකි

එක්කෝ ට්ෂූ කඩදහි නැතිනම් දැව  නිමවන්ට...
ආරක්ෂිතයි ඔබ...දැව  නිමවන්ට යෙදුනොත්
ට්ෂූ කඩදහි නිමවන්ට නම් ‍තෝරා ගැනීම් යුගලයකි

පරිහරනය කරයි ඔබ, එක්කෝ පිරිමියෙක් නැතිනම් කාන්තාවක්
ආරක්ෂිතයි ඔබ...පිරිමියෙක් පරිහරනය කරයි නම්
කාන්තාවක් පරිහරනය කලොත්  ‍තෝරා ගැනීම් යුගලයකි

එක්කෝ ඉදිරියෙනි නැතිනම් පසුපසිනි
ආරක්ෂිතයි ඔබ...දෙවැනි ක්‍රමයට යෙදුවොත්
පරිහරණය ඉදිරියෙන් නම්  ‍තෝරා ගැනීම් යුගලයකි

වැළ‍ඳෙන්නට ඉඩ ඇත... ගොනෝරියා එක්කෝ ඒඩ්ස්
ආරක්ෂිතයි ඔබට ගොනෝරියා වැළඳීම
ඒඩ්ස් වැළඳුනොත් නම් එක් ‍තෝරා ගැනීමකි,

මිය යායුතුය ඔබ නිසැකවම!

8 comments:

  1. h... interesting poem(i dont no it is speech or poem). hope u will contribute more and more.

    ReplyDelete
  2. කියල වැඩක් නෑ! එ්ඩ්ස් හැදුනොත් සොරිම තමයි! හොඳ පණිවිඩයක්! සුභපැතුම්!

    veryfication අයින් කලානං ලේසියි! :)

    ReplyDelete
  3. අපූරු ලියවිල්ලක්..! :)

    ReplyDelete
  4. බාල්දි කටක්ම තමයි... :)

    ReplyDelete
    Replies
    1. "බාල්දි කටා" කියල තමයි කියන්නේ.ලංකාවෙදි නම් "කකුස්සි කටා" කියයි.

      Delete
  5. ලස්සන කවියකි....

    ReplyDelete