Monday, October 10, 2011

ස්ටීව් ජොබ්ස් ප්‍රිය කළ කතාන්දර තුනක්



ඇපල් පරිගනක සහ පික්සාර් සජීවීකරණ ශබ්දාගාර ජාලයේ සම නිර්මාතෘ ස්ටීවන් පෝල් ජොබ්ස් පසුගියදා තම මෙහෙවර නිමාවට පත් කලේය.ලොව බලවත්ම පුද්ගයන් අතර 117 වැනියා වූ ජොබ්ස් ලොව ධනවත්ම පුද්ගලයින් අතර 110 වැනියා විය.මේ සමග පලවන්නේ 2005 ජූනි මස 12 වැනි දින ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී ඔහු කළ කතාවයි.


ලොව හොඳම සරසවියක ඉගෙන ජීවිතය ආරම්භ කරන්නට සැරසෙන ඔබ සමග මෙම අවස්ථාවට සහභාගී වීමට ලැබීම මා ලද භාග්‍යයකි.මම කිසිදා සරසවියකින් උපාධියක් නොලැබූවෙක්මි.සත්‍යයම පවසනවා නම්, විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයකට මා මේ සහභාගී වන්නේ ජීවිතයේ පළමු වරටය.
අද ඔබට පවසන්නට මට කතා තුනක් ඇත.එහි අතිශය බරපතල කරුණු නැත.මෙය සරල කතාන්දර තුනකි.
පලමු කතාව ජීවිතයේ වැදගත් තැන් එකට ඇමිණීම පිලිබඳවය.
ඇතුළත් වීමෙන් පලමු සය මස අවසානයේ මම රීඩ් විද්‍යාලය හැර ගියෙමි.නමුත් ඒ වටා කරකැවෙමින් මම තවත් දහ අට මාසයක් ගෙවා දැම්මෙමි.ඉන් අනතුරුව මම සම්පූර්ණයෙන්ම රීඩ් විද්‍යාලය හැර ගියෙමි.මා එසේ කලේ ඇයි?
මා මෙලොව එලිය දකින්නට පෙර සිටම ඊට කරුණු කාරණා යෙදී තිබිණ.මාගේ ජීව විද්‍යාත්මක මව එවකට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වූවාය.මෙලොව එලිය දු‍ටු වහා මා හදා වඩා ගැනීමට වෙනකෙකුට පැවරීමට ඇයට උවමනා විය.කෙසේ නමුත් මාගේ භාරකාරීත්වය පැවරිය යුත්තේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලද යුවලකට බව ඈ තරයේ විශ්වාස කළාය.මා හදාවඩා ගැනීමට පළමුව ඉදිරිපත් වූ යුවලක් හදිසියේ තම තීරණය වෙනස් කළහ.අන්තිමේදී ඔවුන්ට උවමනා වී තිබුණේ "ගැහැණු දරුවෙකි".
අනුන්ගේ දරුවෙකු දරුකමට හදාගැනීමේ බලාපොරොත්තුවෙන් පොරොත්තු ලෙඛනයේ සිටි මාගේ වත්මන් දෙමාපියන්ට එක්තරා ‍රැයක බලාපොරොත්තුවේ දුරකථන ඇමතුම ලැබිණි.
"බලාපොරොත්තු නොවූ පිරිමි දරුවෙකු මට සිටිනවා.ඔබට ඔහු උවමනාද?"
"ඔව්...සත්තකින්ම"  ඔවුහු පිලිතුරු දුන්හ.
මා හදාවඩාගත් මව විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නොලද බවත් පියා උසස් අධ්‍යාපනයක් නොලැබූවෙක් බවත් මගේ නියම මව පසු කලෙක අනාවරණය කර ගන්නා ලදී.දරුවාගේ භාරකාරීත්වය පවරන ලේඛන වලට අත්සන් තැබීම ඈ අනතුරුව ප්‍රතික්ෂේප කලාය.අනාගතයේ දවසක මා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමු කරවන්නේය යන පොරොන්දුව පිට භාරකාරීත්ව ලේඛනයන්ට අත්සන් තැබීමට මගේ මව එකඟ වූයේ බොහෝ කලකට පසුය.
ඉන් වසර 17 ක් ඇවෑමෙන් මම රීඩ් විද්‍යාලයට ඇතුළත් වුනෙමි.එය ඉතා මිළ අධික කටයුත්තක් වූ අතර මධ්‍යම පාංතික මාගේ දෙමාපියන්ගේ පසුම්බිය හිස් කරවන්නක් බවට පත් විය.රීඩ් විද්‍යාලයට ඇතුළත් වීමෙන් සය මසකට පසු තව දුරටත් එහි ‍රැඳීසිටීමෙන් කිසිදු ඵලයක් නොමැති බව මට වැටහී ගියේය.මා අනාගතයේ කුමක් කරන්නේද යන්නත් රීඩ් විද්‍යාලය කුමන ආකාරයකින් ඊට මගහසර සලසන්නේද යන්නත් මට අපැහැදිලි විය.මා තේරුම්ගත් එකම දෙය වූයේ  දෙමාපියන් මුලු මහත් ජීවිතකාලය පුරා හරි හම්බ කළ දෑ එක්වර වියදම් කිරීමට මට අවස්ථාව සැලසී ඇති බව පමණකි.
අන්තිමෙදි රීඩ් විද්යාලයෙන් එලියට බැසීමට මම තීරනය කලෙමි.ඉතා බැරැරුම් අවදානාත්මක කටයුත්තක් වුවද ම්ම එය එසේ කලෙමි.අතීතය දෙස හැරී බැලීමෙදි මා විසින් එතෙක් මෙතෙක් ගන්න ලද හොදම තීරණය වූයේ එයයි. කෙසේ නමුත් එය ක්‍රියාවට නගන ලද්දේ ඉතා ක්‍රමික අන්දමිනි. මා සිත්ගත් විශයයන් තව දුරටත් හැදැරීමටත් එපා වූ විශයයන් නවත්වා දැමීමටත් මුලින් කටයුතු යෙදින.

මේ සියල්ල ප්‍රේමනීය මතකයන් නොවීය.නෙවාසිකාගාර කාමරයකට ගෙවීමට තරම් මා පොහොසතකු නොවූ බැවින් මිතුරන්ගේ කාමරවල සීතල පොලොව මත රැය පහන් කිරීමට මට සිදු විය. සතියකට වතාවක් නොමිලයේ ලබා දෙන ආහාර වේල භුක්ති විදීම සදහා "හරේ ක්‍රිශ්ණා " දේවාලය වෙත කිලෝමීටර 7ක් මම පයින් ගමන් කලෙමි. එනමුදු මම ඒ සියලු මතකයන්ට ආදරය කරමි. මා මෙලෙස ගොඩ නැගීමට ඉන් ලද දායකත්වය අනන්තය. අප්‍රමානය.

මේ ඊට උදාහරණයකි. "අභිලේඛණ විද්යාව" සදහා සුපතල කීර්තිමත් නාමයක් දැරූවකි "රීඩ් විද්යාලය". විද්යාලය පුරා පිහිටි ගොඩනැගිල්ලක්, මේසයක්, පුටුවක් යනාදී සෑම දෙයක්ම දර්ශනීය ලෙස අභිලේඛණ ගතව තිබිණ. එපාවූ විශයයන් හැර යාමටත්, ඕනෑ වූ විශයයන් වෙත යාමටත් තීරණය කරගෙන සිටි මම "අභිලේඛණ විද්යාව" ඉගෙන ගැනීමට පටන් ගතිමි.
එය අතිශයින් චමත්කාරජනක විය. එහි වූ විචිත්‍රත්වය  මම උකහා ගතිමි.

කෙසේ නමුත් ප්‍රායෝගිකව "අභිලේඛණ විද්යාව" යෙදවීම පිලිබදව කිසිදු අදහසක් එවකට මා තුල නොවීය. නමුත් ඊට වසර 10ක ඇවැමෙන් අපි පළමු "මැකින්ටොෂ්" පරිගනකය නිර්මාණය කිරීම හරහා මා ලොවටම හඩගා කීවේ එදා රීඩ් විද්යාලයේ "අභිලේඛණ විද්යාව" පන්තියේ දී දැණුනු ඒ ප්‍රහර්ශවත් හැගීමයි. ඕනෑවූ විශයයන් වෙත යාමට මම එදා අදිටන් නොකලේ නම් මැකින්ටොෂ් පරිගනකය අක්ෂර නිර්මාණය හා හැඩ ගැන්වීමෙහිලා සුපිරි තාක්ෂණය අත් නොවිදිණු ඇත.

අනාගතය දෙස බලමින් ජීවිතයේ වැදගත් අවස්ථා එකට ඇමිනීමට මට කිසිදා නොහැකි විය. මා ජීවිතයේ වැදගත් අවස්ථා එකට ඇමිණූයේ අතීතය දෙස බලමිණි.

ඉදිරිය දෙස බලමින් ජීවිතයේ වැදගත් අවස්ථා එකට ඇමිණීමට මට නොහැකි වූ බව නැවත කියමි. ඒවා එකිනෙකට ඇමිණිය හැක්කේ අතීතයේ ඔබ උගත් පාඩම් මෙනෙහි කරමිනි. ඔබ යම් දෙයක් කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. ජීවිතය, දෙවය, කර්මය යනාදී ඕනෑම එක් දෙයක් කෙරෙහි විශ්වාසය තබිය යුතුමය. මේ දැක්ම කිසිදා මා පරාජිතයෙකු නොකලේය. මාගේ ජීවිතයේ සියලු වෙනස්කම් සිදුවූයේ ඒ මතිනි.

මගේ දෙවැනි කතන්දරය ආදරය හා නැතිවීම පිලිබදවය.

මා වාසනවන්තයෙකි. මා ආදරය කළ සියල්ල මා විසින් දිනාගන්නා ලදී. දෙමාපියන්ට අයත් නිවසේ තිබූ ගරාජයේ පලමු "ඇපල්" බීජය පැළකරන විට මට වයස අවුරුදු 20කි. අපි  ඉතා වෙහෙස මහන්සි වී ඒ වෙනුවෙන් වැඩ කලෙමු.

ඉන් වසර 10ක ඇවෑමෙන් එද දෙමාපියන්ගේ ගරාජයේ පැළකල ඇපල් බීජය මහා වෘක්ෂයක් බවට පත් විය. දෙදෙනෙක් එක්ව ආරම්භ කළ "ඇපල්"  දස වසරකට පසු සේවකයන් 4000 ඉක්මවූ දවැන්ත ව්‍යාපාරයක් වූ අතර ඩොලර් බිලියන 2ක වත්කමක් සතු විය. "මැකින්ටොෂ්" නිර්මාණය කරන විට මගේ වයස අවුරුදු 30කි.

ඉන් අනතුරුව මා දෝෂාරෝපණයට ලක්විය. තමා ආරම්භ කළ සමාගම විසින් තමා දෝෂාරෝපණයට ලක් කිරීම ඇදහිය නොහැක්කක් වුවද එය එසේ සිදු විය. ඇපල් මහා වෘක්ෂයක් ලෙස වැඩෙද්දී, නව හවුල් කරුවෙකු අපට එක් විය. පලමු වසර කිහිපය නිදැල්ලේ ගලාගෙන ගියද ඉනික්බිති ඔහු යුධ ප්‍රකාශ කළේය. අවසානයේ  සමස්ත අධ‍යක්ශ මණ්ඩල සාමජික පිරිස ඔහුගේ පාර්ශවයට පිලිපන්හ. වයස අවුරුදු 30දී මම තනි වුනෙමි. මා ඇපල් සෙවණින් පිටමන් කෙරිණ. මා සම්පුර්ණයෙන්ම බිද වැටුනි.

කුමක් කරන්නේ දැයි නොදැන මම ඉදිරි මාස කිහිපය කල්ගත කලෙමි. මා අත වූ යෂ්ඨිය මා අතින් බිම හෙලුනාක් මෙන් විය. ඩේවිඩ් පැකාර්ඩ් සහ බොබ් නොයිස් හමුවූ මම අනේක වාරයක් ඔවුන්ගෙන් සමාව අයැද් සිටියෙමි. පලක් නොවීය. එවකට ජනතාව අතර ප්‍රසිද්ධ චරිතයක්ව සිටි මම මිනිසුන්ගේ දේශයෙන් පළා යන්නට සිත් විය. නමුත් කිසියම් බලවේගයකින් මා හික්මවීමට පටන් ගන්නා බව අන්තුරුව මට දැනී ගියේය.

මා එදා කල දෙයෙහි මිහිරියාව අදද අත් විදිමි. මා අතරමන් කර දමූවද ඒ ඇපල් "සෙවණට" මම තදින් ආදරය කලෙමි. ඉනික්බිති ඒ මතකය පෙරදැරිව මම නැගී සිටියෙමි.
 එහි කිසිදු වැදැගැම්මක් නොවීය. නමුත් ඇපල් සෙවණින් එලියට ඇද දැමීම මගේ ජීවිතයේ භාගයවන්ත අවස්තාවක් විය. දරා ගත නොහැකි වූ ඒ ශෝකය මා ශක්තිවන්තයෙකු කලේය. ඉන් පසුව ඇරඹියේ මා ඉතා නිර්මාණශීලීව ගත කල සමයකි. ජීවිතය පියාපතක් බදු විය.
ඉනික්බිතිව ගතවූ පස් වසර තුල Next හා Pixar නමින් සමාගම් 2ක් ආරම්භ කිරීමට මට හැකි විය.
මා වඩාත් ඇළුම් කළ කාන්තාව සමග පෙමින් බැඳුනු මම ඈ විවාහ කර ගතිමි.ලොව පළමු පරිගනක සජීවීකරණ චිත්‍රපටය නිමවූයේ "පික්සාර්" වෙතිනි.මේ වනවිට ලොව සාර්ථකම පරිගනක සජීවීකරණ චිත්‍රාගාරය "පික්සාර්" සතුව පවතී.ඉන් අනතුරුව පැමිණියේ ආදරණීය වස්සානයයි....මගේ ජීවිතයේ නොමැකෙන සිදුවීමක් සනි‍ටුහන් කරමින් අපේ ඇපල් සමාගම මගේ NeXT සමාගම    මිළදී ගත්තේය.ඒ සමග මා නැවත ඇපල් සෙවණට ගියෙමි.  NeXT  හිදී මා අත්හදා බැලූ නව නිර්මාණ ඇපල් හිදී යථාර්තයක් විය.අන්තිමේදී ලෝරන්ස් සහ මම නැවත පවුලක් ලෙස එක්වීමු.

මා ඇපල් සෙවණින් එළවා දැමීම මගේ ශක්තිවන්තභාවය පරීක්ෂාකළ ඖෂධයක් මෙන් විය.ඊට ඉවසීමද එකතු විය යුතු බව මම තරයේ විශ්වාස කරමි.ඇතැම් අවස්ථාවන්හිදී ජීවිතය විසින් ඔබෙය් හිසට ගඩොලකින් පහරදෙනු ඇත.එවිට බලාපොරොත්තු සුන් නොකරගන්නාක් මෙන් මම ඔබෙන් ඉල්ලමි.ඔබ ආදරය කරන දෑ දිනා ගැනීමට ඔබට හැකි විය යුතුය.ඔබේ රාජකාරියේදීත් ප්‍රේමකාරියේදීත් මෙය එකසේ වැදගත් වනු ඇත.
යමක් ශ්‍රේෂ්ඨව   නිම කිරීමට හොඳම ක්‍රමය එයට මුලු හදවතින්ම ආදරය කිරීමට පටන් ගැනීමයි.මෙතෙක් ඔබට එය හමුවී නැත්නම් එය සොයාගැනීමට උත්සාහ කරන්න.ඔහේ පැත්තකට වී බලා සිටින්නට එපා.

මගේ තෙවැනි කතාව මරණය පිලිබඳවය.

මට වයස අවුරුදු දාහතේදී මෙවැනි වැකියක් කියවන්නට ලැබිණි."ඔබ ජීවත්වන හැම දවසක්ම ඔබේ අවසාන දවස ලෙස සිතන්න.යම් දිනක ඔබ සැබවින්ම නිවැරදි වනු ඇත."
මා පසුගිය වසර තිස්තුනක කාලය ගත කලේ ඒ අන්දමිනි.මා ඉක්මනින් මිය යතැයි දැනුනු සිතුවිල්ල ජීවිතයේ ඉතා වැදගත් තේරීම් කිහිපයක් ඉක්මනින් ‍තෝරා ගැනීමට මට සවිය විය.ප්‍රෞඪත්වය,බිය,සැකය යනාදී සකලවිධ හැඟීම් මරණය යන සාධකය ඉදිරිපිට බල රහිත වේ.ඔබ මරණයට ලංවී ඇතැයි දැනෙන හැඟීම ඔබ ලැජ්ජාවට පත්වෙතැයි යන හැඟීම පරජය කිරීමට හේතුවනු ඇත.
ඔබ දැනටත් නිරුවතිනි එබැවින් බුද්ධිය වෙනුවට හදවත තෝරාගත යුතු නැත. මීට වසරකට පෙරාතුව මගේ අග්න්‍යාශයේ පිලිකාවක් වර්ධනය වන බව සොයා ගන්නා ලදී. අග්න්‍යාශය යනු කුමක්ද යන්න පවා මා එවකට දැන සිටියේ නැත.
මෙය ප්‍රතිකාර කල නොහකි තත්වයක් බවත් උපරිමව ජීවත් විය හැක්කේ මාස 6ක කාලයක් පමණක් බවත් මට ඉතා කාරුණිකව පැහැදිළි කර දෙන ලදී. නිවසට ගොස් මගේ හිත මිතුරන් හා සමීපතමයන් සමග සතුටින් කල් ගත කරන ලෙසද මට දැනුම් දෙන ලදී. එය මරණයට නිය්ම වූවෙකුට වෙද්‍යවරු විසින් ලබා දෙන පලමු ඖෂධයයි. දිනපතා වෙද්‍ය පරීක්ෂණයන්ට බදුන් වෙමින් මම මරණයට ඉතා ආසන්නව සිටියෙමි.අවසානයේ තදබල ශලයකර්මයකට බදුන් වූ මා දැන් හොදිනි.මරණය ඉතා පවිත්‍ර වූත් බුද්ධිමය වූත් සංකල්පයක් බව මට සිතේ.

අප කිසිවෙකුට මිය යාමට උවමනා නැත. දෙව්ලොව යාමට ප්‍රාර්ථනා කරන්නෙකු පවා
මරණය හරහා එහි ප්‍රවිශ්ඨ වීමට අදිටන් නොකරයි. අප සැම පොදුවේ හවුල් වන අවසාන සන්ධිස්ථානය මරණයයි. කිසිවෙකුට ඉන් මිදිය නොහැක. මග හැර යා නොහැක. ජීවිතයේ හොදම සොයා ගැනීම මරණයයි. එය ජීවිතය වෙනස් කිරීමේ නියෝජිතයා වන්නේය.

ඔබට ලැබී ඇති කාලය සීමා සහිතය. එබැවින් අනුන්ගේ ජීවිතයක් තුලට වී කල් මැරීමෙන් වලකින්න.අනුන් පිලිබද සිතමින් අනුන්ගේ සිතිවිලි මත නොයැපෙන්න. වැදගත්ම දෙය නම් ඔබේ හදවත හා ප්‍රතිභානය පසුපස ගමන් කිරීමට ඔබට ඇති හැකියාවයි. ඔබට සැබැවින්ම අවශ්‍ය වන්නේ කුමක්ද යන්න දන්නේ ඔබම පමනි.අන් සියල්ල දෙවනුව සිතන්න.

මගේ තරුණ කාලයේදී "The Whole Earth Catalog " නමින් ප්‍රකාශනයක් විය. එය ස්ටුවර්ට් බ්‍රෑන්ඩ් නම් පුද්ගලයකුගේ නිර්මාණයකි. පසුකලෙක විවිධ අර්බුදයන්ට මුහුණ දුන් මෙම සමාගම තම ප්‍රකාශන අංශය වසා දැමීමට කටයුතු කලේය. ඒ 1970 මැද භාගයයි. " The Whole Earth Catalog " අවසාන ප්‍රකාශනය මට තවමත් මතකය. හිමිදිරි උදයක ගම්බද ප්‍රදේශයක වූ මාවතක පින්තූරයක්  රැගත් එහි අවසන් පිටුවේ මෙවැන්නක් මුද්‍රණය වී තිබිණ. "කුසගින්නේ සිටින්න". "අණුවනයෙකුව සිටින්න". එය ඔවුන්ගේ සමු ගැනීමේ පාඨයයි.

'කුසගින්නේ සිටින්න'
'අණුවනයෙකුව සිටින්න'

එතැන් පටන් එය මගේ ජීවන දර්ශනය විය.

- ස්තූතියි -


පරිවර්තනය : නදීෂා චන්ද්‍රසේන

11 comments:

  1. Good work nanga,You got ur mom's talents....keep it up-Vinidu akka.

    ReplyDelete
  2. Great work Machan,
    I appreciate your talents...

    ReplyDelete
  3. first:
    Hasal Mohomad says:
    August 7, 2012 at 4:08 pm
    This is a copy from http://nadeesha-chandrasena.blogspot.com/2011/10/blog-post.html

    bad and bad, you should find it and think
    Who’s DEPTHI?
    Rating: 0.0/5 (0 votes cast)

    second:
    Reply

    News Editor says:
    August 7, 2012 at 6:21 pm

    අනේ මෝඩකමට ගොන් කතා කියන්න එපා බං. දීප්ති එක්ක තරහා නිසා ඕනෙම ගොන් කතාවක් කියනවා. හොයලා බලන් නැතිව. මේ ආර්ටිකල් එක අපිට එව්වේ අපේ පාඨකයෙක්. මේ අපිට පරිවර්තනය කරලා එව්වෙත් යොහාන් කියලා අපේ පාඨකයෙක්. දින බලපන් අපට පස්සේ තමයි ඕක ඔය කියන බිලොග් එකේ දාලා තියෙන්නේ. ජනප්‍රීය වෙන්න ගොන් වැඩ කරන්න එපා තමන් බූරුවෙක් වුනාට ඒක ප්‍රදර්ශණය කරන්න එපා. අපි ඔය කියන බිලොග් එකෙන් අරගෙන ඕක දැම්ම නම් ඔය ලිපිය පරිවර්තනය කරලා එවන්න කියලා අපි දැම්මේ මොකටද? උබ වගේ ගොන් බූරුවන්ට වෙන කියන්න දෙයක් නෑ. උබලා කියන්නේ එක එකාගේ ලණු කාපු පිස්සෝ උබලට තමා අංගොඩ තියෙන්නේ ගිහින් නතර වෙලා බෙහෙත් ගනින්. පවුල් ජීවිතේ අවුල් වුනාට අපිට වගකියන්න බෑ. මීට පස්සේ අපේ වෙබි අඩවිය බලන්නත් එපා ගොබ්බ කොමෙන්ට් එවන්ත් එපා. උබ මහා පොල් බූරුවෙක් අපි දන්නවා ඕක එවන්නේ කවුද කියලා. යකෝ ගෙදරට වෙලා නිදා ගනින් තොපිට මොන දේශපාලනයද?.
    අපේ පාඨකයන් බුද්ධිමත් බව දන්නා අතර මෙවැනි පිස්සන්ට කතා කරන්නට ඇත්තේ මෙහෙම පමණි. මේ නිසා අප සමග දිගටම රැදුන සහ අපට ශක්තියක් වූ පාඨකයන් අපට කමා කරත්වා….
    Rating: 5.0/5 (1 vote cast)
    Reply

    You Read it - go this link
    http://3mana.com/%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%93%E0%B7%80%E0%B7%8A-%E0%B6%A2%E0%B7%9C%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%AB%E0%B6%BA/

    ReplyDelete
    Replies
    1. හෝව්.හෝව්.
      මේක කිසිම පදනමක් නැති රණ්ඩුවක් නේ!
      ස්ටීව් ජොබ්ස් මියගියදා මම ඔය කතාව පරිවර්තනය කරලා එදින මුද්‍රණය කෙරෙන පුවත්පතකට යැව්වා.නමුත් ප්‍රමාද වෙලා යවපු නිසා ඕක පත්තරේ පළ කරන්න බැරිවුනා.ඊට පස්සේ මම බ්ලොග් එකක් හදලා එදාම ඕක බ්ලොග් ගත කළා.
      ඕක 2005 විතර කළ කතාවක් නේ? ඉතිං ඕක පරිවර්තනය කරන්න ඇති මටත් කලින් ඕනතරම් අය..

      Delete
  4. ස්තූතියි පරිවර්තනයට.

    ReplyDelete
  5. හැමදාම වගේ අදත් ස්තූතිය... ජයෙන් ජය!!!

    ReplyDelete
  6. හැමදාම වගේ අදත් ස්තූතිය... ජයෙන් ජය!!!

    ReplyDelete
  7. Thank you for shearing this valuable article.

    ReplyDelete