Friday, August 12, 2016

අපි ඔබ අහිමි කර ගතිමු ! එය බේකරියේ වැරැද්දකි.

අදින් වසර එකොළහකට පෙර හරියට මේ වෙලාවට ඔහු මරාදමන ලද්දේය. ඊට පැයකට හමාරකට කලින් මමත් සංගරී මන්ත්රී තුමාත් ඔහු සමඟ කතා බහ කළෙමු. කතා බහෙන් පසු ඔහු බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා භූමියෙන් පිටවී ගියේය. ඊට පසු කිසිදාක මම ඔහු නොදැක්කෙමි. ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා නිවසේ තැබූ දින තුන තිස්සේත් අවසන් වරට ඔහු දැකබලා ගැනීමේ අවස්තාව මම හිතාමතා මඟ හැරියෙමි. ක්රෝධය නිසා නොව අත්යන්ත ශෝකය නිසාය. කොටිම්ම, ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරුණු නිදහස් චතුරශ්රයේ මාධ් අට්ටාලයේ දී පවා හඬමින්ම  නිව්ස් ලිව්වෙමි. එදා ඔය කවුරුත් හැඬුවේය. "මුළු ජාතියක්ම තනි මිනිහෙක් වෙනුවෙන් හඬන්නේ නම්, ඔහු ජාතිය ගොඩ නැගූ අයෙක්ය" කියා කියමනක් වේ.

ඔහු මැරුණේ ස්නයිපර් තුවක්කුකරුවකුගේ ප්රහාරයකිනි. ස්නයිපර් තුවක්කු කියන්නේ අර සද්දේ ඇහෙන්නේ නැතිවෙන්න මිනිස්සුන්ට වෙඩිතියා මරා දමන තුවක්කු විශේෂයෙකි. ස්නයිපර් කාරයා එල් ටී ටී කාරයෙක් විය. නිසා ඔහු ජාතියේ "තරහ කාරයෙක්" විය. ගොළු තුවක්කුවෙන් වෙඩිතියා ඔහුව නිහඬ කළේය. නිසා ස්නයිපර්කාරයා සතුරෙකි. ස්නයිපර්කාරයාව එතැන්ට මෙහෙය වූ එල් ටී ටී එක අපේ සතුරෙකි. මෙහි "අපි" කියන්නේ රටේමහ ජාතිය”ය. ඔහුට වඩාත් ආදරය කළ සමාජය ඒකය. ආදරයේ බොරුවක් නොවේ, එහි කිළුට්ටක් නැත. මිනිස්සු අද පවා ඔහුගේ නම ඇහෙද්දී පපුවට අත තියා ගනිති.

රඝු ! පියාගේ චිතකයට ගිණි තබමින් 
අදින් වසර එකොළහකට පෙර හරියට මේ වගේ දවසක දිවයිනේ අනුර සොලමන්ස් ඔහුගේ මරණය ගැන කතුවැකිය ලීවේය. ඒක පටන් ගත්තේ "සිංහලයාට වඩා සිංහල වූ බෞද්ධයාට වඩා බෞද්ධ වූ ශ්රී ලාංකිකයා මරා දැමුණේය" කියාය. ඒවා ඇවිල්ලා කාලයේ, කියන්නේ දෙදාස් පහේ හරියේ මවිල් කෙලින්වෙන මට්ටමේ ලියැවිලි විය. පත්තර පිටුව මෑතක් වෙනතුරුම මගේ ළඟ තිබී පසුව උවමනාවෙන්ම මා විසින් විසිකර දැමුවකි. ඔහු මරාදැමීමේ ඔබ-මා නොදත් කතාව  ලියවී තිබ්බේ එහිය. කුමන්ත්රණය සහ මරණයට මමත් වගකිවයුතුය හැඟුණු නිසා වරදකාරී හර්ද සාක්ෂියෙන් ගැලවෙන්නට මම එය පුච්චා දැමුවෙමි. "සිංහලයාට වඩා සිංහල වූ බෞද්ධයාට වඩා බෞද්ධ වූ ශ්රී ලාංකිකයා මරා දැමීම" ජාති ජාති එළව එළවා පටිසන් දෙන මට්ටමේ පාපක්රියාවකි.

ඔහු මියයද්දී ඔහු පන්සල් යන බුද්දාගම් කාරයෙක් විය. අර කොළබ හත විජේරාමේ ඒ කාලේ හැදූ පන්සල, සම්මුද්ධාලෝක විහාරයේ ප්රධාන දායකයෙක්ව සිටියේ ඔහු . යූ එන් පී කාරයෙක් වූ අපේ ඇසිස්ටන්ට් නිව්ස් එඩිටර් ඉස්සර  නිතරම කතා කළේ ඔහු මල් වට්ටි උස්සන් පන්සල් යනවා කියාය. හැම පෝයටම ! හැම පෝයටම ඇමතිතුමා බණ අහන්නයි මල් පූජා කරන්නයි පංසලට යනවා. ඊට පස්සේ, වෙසක් පෝය දිනේ නිවාඩු දිනයක් කිරීම වගේ කටයුතු වලට දැක්වූ සෘජු මැදිහත්වීම නිසා බුද්දාගන්කාරයෙක් ලෙස මම තව තව ඔහුගේ හැසිරීම් කෙරෙහි ආසක්ත වීමි. ඔයි කාලේ වෙද්දී ඔහුට වකුගඩුවක් බද්ද කෙරුණු අතර ඒක පරිත්යාග කළේ බෞද්ධ භික්ෂුවක් බව කතාවක් පැතිරුණි. ඕනෑම මිනිහෙක්ට තමන්ට රිසි ආගමක් ඇදහීමට, අනුව ජීවිතය හැඩ ගසා ගැනීමට මෙන්ම ආගමනුකුලව ජීවත්වීමට ඕනෑ තරම් නිදහස ඇත. නමුත් අපේ පොදු සතුට වැඩිවූයේ  ඔහු බුද්දාගන් කාරයෙක් ලෙස දකින්නට පටන් ගත් පසුය. අවුරුද්දකට කිහිප පාරක් මඩු පල්ලි දුවපු දොස්තර ජයලත් ජයවර්ධනගේ භක්තිවන්ත භාවය මට නම් පයිසයකටවත් වැඩක් වුණේ නැත. නමුත් උපතින් දමිළ ක්රිස්තියානි ආගම්කාරයෙක් ඉන් පසු බුද්දාගන් කාරයෙක් වීම "අපේ" නහර වලට තදින් දැනිණ.
ඒ නිසාම ඔහු පන්සල් යන වාරයක් වාරයක් පාසා පොදු සමාජය එය උත්කර්ෂයට නැංවුවේය. සමහරවිට, ඔහු පවා  එවන් උත්කර්ෂයක් බලාපොරොත්තු නොවන්නට ඇතිය. නමුත් "බෞද්ධයාට වඩා බෞද්ධවිම"......බුදු අම්මේ ! ඒක පොදු සමාජයේ බලගතුම නහර වලට දැනෙන උත්තේජනයකි.

මට අග රදගුරු මැල්කම් රංජිත් සහ ජෝසප් රායප්පු පියතුමා සිහිවේ. ඔයි දෙපළට , "ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන්- වෙහෙරක් නැති තැන වෙහෙරක් හැදියන්" කියා ලියාගන්නට පුළුවන් උනානම් අද අපි හෙන සාමකාමී ජාතියකි. අපි සාමය කියා කියන්නේ "අපේ ආසාවන් සියල්ල අනෙකා විසින් තෘප්ත කරනු ලැබීමට" . සැබෑ සාමය ඇතිවෙන්නේ එවිටයි. එවිට අපි "අනෙකා" දැඩිව බැඳෙන අතර ඔහු සහ අපි අතර පවතින වෙනස් කම් ක්ෂණයකින් අහෝසි වී "ඔහු" "අපිම බවටම පත්වේ. ඉන් ඔබ්බට ඔහුට අනන්යතාවයක් නැත. ඇත්තේ අපේ ආදරය පමණකි. අපේ ආදරය ඔහුගේ පැවැත්ම වේ. අදටත් ඔහුගේ නම කියවෙද්දී මිනිස්සු පපුවට අතගහගන්නේ ආදරය නිසාය. "ඔහු" ගේ අනන්යතාව නසා අපේ ආසාව වෙනුවෙන් "අපේ කෙනෙකු" ලෙස ඔහු ඉපදෙන නිමේෂයේ "සාමය" පහළ වේ. ඇත්තටම දෙදාස් හතර -පහ වෙද්දී ඔහු සිටියේ මේ සාමකාමීන් අතරය.
අපි ඇවිල්ලා, "වෙනස් අනන්යතාවයන් පිළිගැනීමට" ස්වභාවිකවම මැලිකමක් දක්වමු. නමුත් එහි තියෙන සයිකොලොජිය මා දන්නේ නැත. ඔහු යාපනේ වේට්ටිය හැඳ, දෙමළ කතා කරමින් සිටිනු දැකීම අපි අකැමති වීමු. නිසාම සම්බන්ධන් හෝ විග්නේශ්වරන් ලා තුළින් දකින භයානක කම ඔහු තුළින් කිසිදා විද්යාමාන නොවීය. එය ලොකු දෙයකි. ඔහු කතා කළේ අපි කැමති දේවල්, අපි කැමති බාසාවකින්, අපි කැමති විදියට. පොදු සමාජය අදත් සාමය ලෙස වටහාගන්නේ "වෙනත් එකෙකු" පැමිණ තමන් කැමති විදියට කතා කරනු දැකීමය. නිසා රායප්පු ජෝසප් ෆාදර් ට කිසිදා "මල් පැලේ උපන් පන්සලේ පියතුමා" වෙන්න බැරිය. ඔහු සාමයේ හතුරෙකි.

මට ඔහු ගැන කියන්නට උවමනා වූ දේ මම දැන් ලියාලා අහවරය මට සිතේ. මැරෙන්නට පළමුව ඔහු ඉක්බාල් අතාස් දුන්නු ඉන්ටර්විව් එහෙක, තමන්ගේ හොඳම මිතුරන් දෙදෙනා "විමල් සහ මංගල" බව කීය. නමුත් අවසානාවට ඒ වෙද්දී "විමල් සහ මංගල" ශ්රී රෝහණ ජනරංජන අගමැති කරනු පිණිස ලොකු ඩිල් ගණනාවක හිරවී උන්නේය. නිසා "යාළුවා" මිස් වෙන්න ඉඩ ඇතිය. "ඔහු" සැබෑ මිත්රයන් හිටි බව මම කවදාවත් පිළිගන්නේ නැත. හිටියත් මිත්රත්වය "ඔහු හඳුනාගත්තේ නැත. ඔහුට පෙරළා "මිත්රත්වයෙන්" සැළකුම් කළේ නැත.
ඔහු රටේ ව්යවස්ථාදායකයට සම්බන්ධ කරගන්නය කියා ඉල්ලන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසිනි. තම ජනාධිපති දෝණියන්දෑ ගේ පළමු කැබිනට් මඩුල්ලටය. අම්මාගේ ඉගැන්නුම් බහ අනුව ව්යවස්ථාදායක සාමාජිකයන් දෙදෙනෙකුට "සර්" කියා ආමන්ත්රණය කළාය. දෙන්නාම දෙමලු, කෙනෙක් යාපනේ, අනෙකා නුවරඑළියේ. බලන්න, එවක අපි කොයිතරම් හොඳ මිනිස්සුද කියා? රටේ නායිකාව පවා මන්ත්රී මණ්ඩලයේ දෙමලු දෙන්නෙක්ට "සර්" කියා තිබිණි.

ඔහු මරා දාන්න පෙරාතුව ඔක්ස්ෆර්ඩ් ලයිබ්රියේ කොන්ග්රස් ශාලාවේද කොහෙද ඔහුගේ පොට්රේට් එකක් නිරාවරණය කෙරිණ. ඔක්ස්ෆර්ඩ් කාරයන් ඉස්සරහපිට ඔහු කිවේ "ඔක්ස්ෆර්ඩ් කියන්නේ අයිසිං ටික බවත්, තමා බේක් කළේ ගෙදරදී බවත් ". ප්රකාශය වෙනුවන් අදත් මා ඔබට ස්තූතිවන්ත වෙමි. ඔබ බේක් කළේ "ගෙදරදීය" නමුත් කේක් එකට බේකින් පවුඩර් දමන්නට එක්කෝටි ගණනක මිනිස්සු රැස්වූහ. ඇයි අපි කේක් ගෙඩියකට බේකින් පවුඩර් දමන්නේ? එහෙම කරන්නේ, හොඳින් පිපෙන්න-මෙලෙක් වෙන්න-හරි පාටට එන්න. නමුත් දෙදාස් පහේ අගෝස්තු දොළොස් වෙනිදා දක්වා කේක් ගෙඩියට බේකින් පවුඩර් දමද්දී නවත්වන්නට කිසිදු බක්කරේ කෙනෙක් කටයුතු කළේ නැත.
ඉඳින්, අපි ඔබ අහිමි කර ගතිමු ! එය බේකරියේ වැරැද්දකි.
අදටත් ඔබේ නාමය කනවැකුණු වහා මිනිස්සු පපුවට අත තියා ගනිති.
"ඔහු" සිංහලයාට වඩා සිංහලයෙක් වීම, බෞද්ධයාට වඩා බෞද්ධයෙක් වීමේ උත්කර්ෂය හොඳින් විඳගත් අයවළුන්ය.
නමුත්, "" ඔබට වෙඩි තැබූ "ගොළු තුවක්කුව" යි.
ඔබෙන් "අනිකෙකු" බලාපොරොත්තු වූ මේ සමාජයේ සිට තවමත් මම හඬමි.

අදටත්-අද දක්වාත් බොහෝ මිනිස්සු ඔබ වෙනුවෙන් හඬන අතර "හේතූන්" එකකට එකක් වෙනස් .